විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ සිටින ප්‍රතිලාභින් හට න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දීමේ අරමුණින් 2019 .10.03 දින උදේ 9.30 සිට ප.ව. 4.00 දක්වා පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී බිම්මල් වගාව පිළිබඳ පුහුණු වැඩසටහනක් දිස්ත්‍රික් කෘෂිකර්ම උපදේශිකා තනුජා ජිවන්දර මහත්මිය සහ කෘෂිකර්ම උපදේශක අසංක පියතිලක මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණ.

\




2019 ඔක්තෝබර් මස 01 දිනට යෙදුනු ලෝක ළමා දිනය වෙනුවෙන් සදාචාරාත්මක සංවර්ධනය තේමාව යටතේ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන 2019 ඔක්තෝබර් මස 01 දින බෝපේ රාජසිංහ මහා විද්‍යාලයේදී පැවැත්විණ.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන "දොලොස් මහේ පහන" සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන් මාලාව යටතේ "නිදහස් අහස - සරුංගල් සැණකෙලිය"නිදහස් අහස - සරුංගල් සැණකෙළිය වැඩසටහන පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් නැගෙනහිර හොරගල වසමේ "මිනිමුතු මිනි" ළමා සමාජයේ සමාජිකයින්, එම වසමේ ග්‍රාම නිලධාරී සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් 2019 අගෝස්තු මස 25 වන දින නැගෙනහිර හොරගලදී පැවැත්විණ.






2019 අගෝස්තු මස 26 වන දින ගලගෙදර සංස්කෘතික මධ්‍යස්ථානයේ රංග ශාලාවේදී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන දොලොස් මහේ පහන සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන් මාලාව යටතේ "දේශජ තලාවේ හැගුම්බර රිද්මය" - කවිමඩුව වැඩසටහන සංස්කෘතික බල මණ්ඩලයේ සමාජිකයින්ගේ සහභාගිත්වයෙන් කොට්ඨාශයේ කවීන් 09 දෙනෙකුගේ සම්පත්දායකත්වයෙන් පැවැත්විණ.







ප්‍රාදේශිය ළමා සභාව හා එම දරුවන් සඳහා සදාචාරාත්මක සංවර්ධනය සහ ප්‍රථමාධාර පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019.08.22 දින පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
































