නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය සහ මෙම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් 2019.07.22 දින පාදුක්ක සිරිපියරතන විද්‍යාලයේදී පැවැත්විණ.






අ.පො.ස (සා.පෙළ/උ.පෙළ) සිසුන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් 2019.07.12 වන දින පින්නවල රාජපල විද්‍යාලයේදී පැවැත්විණ.




2019.07.09 වන දින පිටුම්පේ විහාරස්ථානයේදී ළමා සමාජ ක්‍රමයේ වැදගත්කම පිළිබඳව ළමා සමාජ පහසුකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණ.




2019.07.14 දින පෙ.ව.9.00 සිට 12.00 දක්වා දරුවන්ගේ සුරක්ෂිතතාවය ගොඩ නගා ගන්නේ කෙසේද යන්න පිළිබඳව දහම් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කෙළිමඩල පුබුදු දහම්පාසලේදී පැවැත්විණ.




එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතිය ප්‍රකාශයට පත් කර වසර 30ක් ගතවීම හා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්ගේ සේවයට වසර 20ක් සපීරීම නිමිත්තෙන් ළමා සමාජ දරුවන් අතර ළමා අයිතිවාසිකම් පිළිබඳව පැණ විසදුම් තරඟයක් 2019.06.29 දින නැගෙනහිර හොරගල ප්‍රජාශාලාවේදී පැවැත්විණ.

























