සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍යාංශය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කල 2018 සමෘද්ධි කැකැලු ළමා සමාජ ප්‍රාදේශිය තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය 2019 අප්‍රේල් මස 04 වන දින ප.ව.2.30ට ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.  

z p18 Enjoy

 වග බටහිර ග්‍රාම සංවර්ධන සමිතිය මගින් සංවිධානය කරනු ලබන සිඟිති බක්මහ උළෙල 2019 බක් මස 06 වන දින පෙ.ව.9.00 සිට දවස පුරා කෙළිමඩල කණිටු විදුහල් මංසන්ධියේදී පැවැත්වීමට නියමිතය.

2019 ඵලදායිතා සංවර්ධන වැඩසටහන යටතේ කාර්යාලයේ සිදුවිය හැකි හදිසි ආපදා සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහන 2019.03.29 දින පෙ.ව.9.00ට පාදුක්ක ප්‍රාදේශිය ලේකම් ශ්‍රවණාගාරයේදී දිස්ත්‍රික් ආපදා  සම්බන්ධීකරණ ඒකකය මගින් පවත්වනු ලබයි.

පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් දරුවන් පාසල් නොයැවීම හා අනිවාර්ය අධ්‍යාපන පනත පිලිබඳව වතු ආශ්‍රිත දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන 2019.03.29 දින පෙ.ව.8.00 සිට 12.00 දක්වා වේරගල කණිෂ්ඨ විද්‍යාලයේදි පැවැත්වේ.

News & Events

Scroll To Top