Under the provisions of the Ministry of Village Development and the Department of the Commissioner of Housing, a development initiative is being implemented to upgrade underdeveloped housing units.
The project aims to provide residents with a more comfortable standard of living.
Mr. H.A. Diluka, the Village Development Officer at the Padukka Divisional Secretariat, serves as the coordinating officer for this project.




මාවක් ඔය වැසි ජලය පිටාර ගැලීමෙන් අවට නිවාස ජල උවදුරට මුහුණපෑම නිසා ඇතිවන අවහිරතා ඉවත්කර ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිය මේ වනවිට වැඩ අවසන්ව ඇති බැවින් මෙම ව්‍යාපෘතිය නිමාවට පත්ව ඇත. මේ පිළිබඳව ක්ෂ්‍රේත්‍ර පරීක්ෂාවක් පාදුක්ක සහ සීතාවක සම්බන්ධීකරණ කමිටු සභාපති චන්දන සූරිය ආරච්චි මහතා, ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු ඇතුළු පිරිසක් 2026/09/07 වන දින සිදුකරන ලදී.



පරිසර අමාත්‍යාංශය, ජාතික උද්භීද උද්‍යාන දෙපාර්තමේන්තුව සහ ජාතික මුලික අධ්‍යයන ආයතනය එක්ව ජාතික සංවිධානය කරන ලද රතු දත්ත ලැයිස්තුව පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන 2026 අගෝස්තු මස 21 වන දින අවිස්සාවේල්ල ඉලුක්ඹ්විට පිහිටි සීතාවක උද්භීද උද්‍යාන ශ්‍රවණාගාරයේ පවත්වන ලදී.පරිසර අමාත්‍යාංශය, ජාතික උද්භීද උද්‍යාන දෙපාර්තමේන්තුව සහ ජාතික මුලික අධ්‍යයන ආයතනය එක්ව ජාතික සංවිධානය කරන ලද රතු දත්ත ලැයිස්තුව පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන 2026 අගෝස්තු මස 21 වන දින අවිස්සාවේල්ල ඉලුක්ඹ්විට පිහිටි සීතාවක උද්භීද උද්‍යාන ශ්‍රවණාගාරයේ පවත්වන ලදී.
මෙම වැඩසටහන මගින් නිලධාරින් දැනුවත් කිරීම, ආවේණික ශාක සහ ප්‍රවර්ධනය ප්‍රචාරණය සහ සත්ව හැසිරීම පිළිබඳව උද්‍යානයේ ක්ෂේත්‍ර අධ්‍යයනය, තර්ජනයට සහ වඳවීමේ අවධානමට ලක් වූ ශාක රෝපණය සිදුකෙරිණ.

ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ශාක වර්ගීකරණ සංරක්ෂණ කණ්ඩායමේ පර්යේෂණ මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතා විසින් සමාරම්භක දේශනය පවත්වන ලදී. ජෛව විවිධත්වය, සංරක්ෂණයේ වැදගත්කම සහ ශ්‍රි ලංකාවේ වනාන්තර වර්ගීකරණය මෙන්ම කඳුකර සහ උප කඳුකර නිවර්තන වනාන්තරවල ශාක සහ සතුන් තර්ජනයට ලක්වීම පිළිබඳව කරුණු දැක්වීය. එසේම රතු දත්ත යනු වඳවීමට නියමිත යන්න මිථ්‍යාවක් බවද එසේ රතු දත්තයක් වූ ශාකයක් සංරක්ෂණය සහ ප්‍රචාරණයෙන් පසුව ඉන් ඉවත් කිරීම සිදුවන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය. දැනට ශ්‍රී ලංකාවේ උද්‍යාන 5 ක් පවතින බවත් ඉන් පේරාදෙණිය හග්ගල සහ ගම්පහ හෙනරත්ගොඩ උද්‍යාන පැරණි ඒවා වන අතර 2008 ආරම්භ කළ 2015 සීතාවක තෙත් කලාපීය උද්භීද උද්‍යානය විවෘත කළ බවත් ශ්‍රි ලංකාවේ ප්‍රථම වියළි කලාපීය උද්භීද උද්‍යානය 2006 හම්බන්තොට මිරිජ්ජවිල දී ආරම්භ කර 2013 දී විවෘත කරන ලද බවත් පැවසීය.මෙම වියළි කලාපීය උද්භීද උද්‍යානයෙන් වියළි කලාපීය ශාක සංරක්ෂණය කිරීමත් සීතාවක උද්භීද උද්‍යානයෙන් තෙත් කලාපිය ශාක සංරක්ෂණය වන බවට නිලධාරින් දැනුවත් කරන ලදී.
ආචාර්ය අචලා අත්තනායක මහත්මිය දෙවන දේශනයට එක්වෙමින් උද්භීද උද්‍යාන යනු කුමක්ද යන්න පැහැදිලි කරනු ලැබීය.ලේඛනගත ශාක එකතුවක් පවත්වාගෙන යන විද්‍යාත්මක පර්යේෂණ සිදු කරීම, සංරක්ෂණය නිදර්ශක පවත්වාගෙන යාම, අධ්‍යයනය සඳහා පහසුකම් සහිත ස්ථාන පවත්වාගෙන යාමේ වැදගත්කම, ජාතික රතු දත්ත ලැයිස්තුව සැකසීමට උද්භීද උද්‍යාන මැදිහත්වන්නේ කෙසේද, ජෛව විවිධත්ව ඒකකය පරිසර අමාත්‍යාංශයේ සහ උද්භිද උද්‍යාන දෙපාර්තමෙන්තුව මගින් පාලනය වන ජාතික ශාකාගාරය මේ සඳහා මැදිහත්වීම පිළිබඳව සාකච්ජා කරන ලදී.
මූලික අධ්‍යයන ආයතනයේ පැළෑටි පිළිබඳ විශේෂඥ ආචාර්ය හිමේෂ් ජයසිංහ මහතා විසින් ද අදහස් දක්වන ලදී. ආවේණික ශාක සහ ප්‍රවර් ධනය ප්‍රචාරණය සහ සත්ව හැසිරීම පිළිබඳව උද්‍යානයේ ක්ෂේත්‍ර අධ්‍යයනය යටතේ සීතාවක උද්භීද උද්‍යනයේ දක්නට ලැබෙන ශාක පිළිබඳව නිලධාරීන්ට සහ විද්‍යාර්ථින්ට දැනුම ලබාදීම ද මෙහිදී සිදුවිය.මෙම වැඩසටහන සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක,සීතාවක,හෝමාගම ද රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ,කුරුවිට,කිරිඇල්ල, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඹ්විට දැරණියගල ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි පරිසර නිලධාරීන් සහ තවත් නිලධාරීන්ද එම ප්‍රාදේශවල අඩවිවන කාර්යාලයන්හි නිලධාරීන්ද පනාවල බටංගල පිහිටි වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සංචාරක කළමනාකරණ පාඨමාලා හදාරණ විද්යාර්ථින්ද පෞද්ගලික අංශයේ පරිසරය පිළිබඳ උනන්දුවක් දක්වන හේලීස් සහ හේමාස් සමූහ ව්‍යාපාරවල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.





ප්‍රජා ශක්ති 2026 වැඩසටහන යටතේ බිම්මල් සහ විසිතුරු මත්ස්‍ය වගා යෝජිත ප්‍රතිලාභින්ගේ හමුවක් පාදුක්ක ප්‍රාදේශීය ලේකම් එච්.අශානි නිරංගා පියසුමන මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026/08/31 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මේ අවස්ථාවට සහකාර අධ්යක්ෂ (සැලසුම්) නන්දනී ගුණවර්ධන මහත්මිය ඇතුළුව වසම්හි ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීන් සංවර්ධන අංශයේ නිලධාරීන් ප්‍රජා ශක්ති කමිටු සභාපතිවරුන් තෝරාගන්නා ලද ප්‍රතිලාභීන් ඇතුළු පිරිසක් සහභාගී විය.
ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ ඒ ආශ්රිත කටයුතු කළයුතු ආකාරය සහ අවධානම සහ එයට මුහුණදීම පිළිබඳව සාකච්ඡා විය. පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර් යාලයේ සංවර්ධන අංශය විසින් මෙම හමුව සංවිධානය කරන ලදී.




පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පාසල්වල ගුරුවරුන් සඳහා මැදිහත්වීම සහ ගැටුම් නිරාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනක් 2026/08/14 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
පාදුක්ක සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.කේ.පී. ශිරෝමි රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභී ගුරුවරියන් 80 දෙනෙකු සහභාගී විය.පාදුක්ක සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.කේ.පී. ශිරෝමි රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභී ගුරුවරියන් 80 දෙනෙකු සහභාගී විය.
පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීම් සංවර්ධන නිලධාරී දමයන්ති කුමාරි මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.





















