කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් පහසුකම් හඳුන්වා දීමේ වැඩසටහන 2026 ජූලි 2 වන දින ආරම්භ විය.

ගම් දහසක වැඩ දහසක් ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනට ගරු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රර් , පාදුක්ක සහ සීතාවක සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති චන්දන සූරිය ආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි වැඩසටහනට සීතාවක ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සුනිල් පේමරත්න මැතිතුමා ඇතුළු කොට්ඨාස භාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් එච්.අශානි නිරංගා පියසුමන, සහකාර අධ්‍යක්ෂ ( සැලසුම් ) නන්දනී ගුණවර්ධන යන මහත්මීන් ,වසම්හි ප්‍රජා සංවර්ධන නිලධාරීන්,ග්‍රාම නිලධාරීන් සහ සංවර්ධන අංශයේ නිලධාරීන් මේ අවස්ථාවට සහභාගී විය.සංවර්ධන අංශය මෙම වැඩසටහන් සංවිධානය කරනු ලැබීය.



පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 467 මලගල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි කේ.ඩී.බිනුදික සේනාධීර මහතාගේ නිවස තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් රජයේ නිවාස සංවර්ධන ආධාර වැඩසටහන යටතේ මුල්ගල තැබීම 2026/06/08 වන දින ගරු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, පාදුක්ක සහ සීතාවක සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති චන්දන සූරිය ආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මේ අවස්ථාවට පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිවාස නිලධාරී අජන්ත පතිරණ මහතා, ප්‍රතිලාභී නිවසේ වැසියන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී විය



විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය සුරැකීමටත් දායක වන්න. මෙම වැදගත් පණිවිඩය Share කර ඔබත් වෙනසකට මුල පුරන්න! ?
✨විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය සුරැකීමටත් දායක වන්න.
සුරකිමු ලංකා - එකතු වෙමු. එළිය දෙමු!




















