අභිනව වර්ෂය සඳහා පාදුක්ක ප්‍රාදේශීය ළමා සභා රැස්වීම 2026/02/27 වන දින පෙරවරු 9.00 සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
*දරුවනට මත් නිවාරණය
සමාජ උවදුරක් වූ මතින් දරුවන් වළක්වා ගැනීම පිළිබඳව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යාපන අංශයේ මත් නිවාරණ නිලධාරී දුල්ෂානී මහානාම මහත්මිය විසින් දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන ලදී.අධ්‍යපනය හා අනාගත ජීවිතය මත් මායාවෙන් ගලවා ගන්නේ කෙසේදැයි වැඩි දුරටත් පෙන්වාදෙන ලදී
දරුවනට වෘත්තීය අධ්‍යාපනය
දරුවනට තම අනාගත වෘත්තීය ජීවිතය හා ජීවනෝපාය සලසා ගැනීම සඳහා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව ළමා වියේ සිටම දැඩි අවධානයක් යොමු කිරීමේ වැදගත්කම සහ විෂයන් තෝරා ගැනීම පිළිබඳව දරුවන් දැනුවත් කිරීම පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවධන නිලධාරී කේ.සමන්ත පීරිස් මහතා දැනුවත් කිරීම සිදු කරන ලදී.
*ළමුන් මනෝ සමාජීය වශයෙන් බලගැන්වීම
ප්‍රායෝගික ක්‍රියාකාරී මානසික නිරෝගීතාවයෙන් ප්‍රබල දරුවකු සමාජගත කිරීම මගින් සාථක පුරවැසියකු සමාජයට දායාද කළහැකි බැවින් ඒ සඳහා ක්‍රියාකාරී වැඩසටහනක් මගින් දරුවන් මානසිකව බල ගැන්වීම පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මනෝ සමාජයීය උපදේශන නිලධාරීන්වන ආචාර්ය ටෙරන්ස් අතුකෝරළ මහතා සහ වජිරා ශාන්ති යන මහත්ම මහත්මීන් විසින් දරුවන් ශක්තිමත් කරනු ලැබීය. මෙම වැඩසටහන පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී මනෝරි පලිහක්කාර මහත්මිය විසින් සංවිධානය කරන ලදී.







පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංස්කෘතික බල මණ්ඩලය 2026/02/11 වන දින පස්වරු 2.00 ට පාදුක්ක ප්‍රාදේශීය ලේකම් එච්.අශානි නිරංගා පියසුමන මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී රැස්වීය.අභිනව වර් ෂයේ ප්‍රථම බල මණ්ඩල රෑස්වීම බවට මෙය පත්වීය.නව වසරේ බල මණ්ඩල වාර්ෂික සැලැස්ම හා ක්‍රියාකාරීත්වය ඇතුළුව වැඩසටහන් ගණනාවක් පිළිබඳව සාකච්ඡා විය.අරමුණු සාධනය කර ගන්නා ආකාරය පිළිබඳ අවධානය විශේෂ යොමු විය.පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංස්කෘතික බල මණ්ඩලය 2026/02/11 වන දින පස්වරු 2.00 ට පාදුක්ක ප්‍රාදේශීය ලේකම් එච්.අශානි නිරංගා පියසුමන මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී රැස්වීය.
අභිනව වර්ෂයේ ප්‍රථම බල මණ්ඩල රෑස්වීම බවට මෙය පත්වීය. නව වසරේ බල මණ්ඩල වාර්ෂික සැලැස්ම හා ක්‍රියාකාරීත්වය ඇතුළුව වැඩසටහන් ගණනාවක් පිළිබඳව සාකච්ඡා විය.අරමුණු සාධනය කර ගන්නා ආකාරය පිළිබඳ අවධානය විශේෂ යොමු විය. බල මණ්ඩල සාමාජික මහත්ම මහත්මීන් වෙත ගැටුමෙන් තොර දිවියක් සහ යහපත් ආකල්ප සංවර්ධනය තුළින් සාමාජයීය දිවිය සාර්ථක කර ගන්නා ආකාරය පිළිබඳව පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමථ සංවර්ධන නිලධාරී දමයන්ති කුමාරී මහත්මිය කරුණු දක්වනු ලැබීය.මෙම රැස්වීම සංස්කෘතික නිලධාරීන් විසින් සංවිධානය කරනු ලැබීය



458 C දඹෝර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ සමෘද්ධිමත් ගමක් යන තේමාව යටතේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිරිසිදු කිරීමේ ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව සමෘද්ධිමත් ගමක් යන තේමාව යටතේ ක්‍රියාත්මක කරන ලද ප්‍රජා ඵලදායිතා ගම්මානය වැඩසටහන යටතේ ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත ඩිජිටල් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026/02/17 වන දින ඉසුරුයාය ප්‍රජා ශාලාවේදී පැවැත්විණි.

























