පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීන්ට සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ සංගණන නිලධාරියකු වශයෙන් පත්වීමේ ලිපි ප්‍රදානය 2026/02/02 වන දින පාදුක්ක පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීන්ට සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ සංගණන නිලධාරියකු වශයෙන් පත්වීමේ ලිපි ප්‍රදානය 2026/02/02 වන දින පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදී .
පාදුක්ක ප්‍රාදේශීය ලේකම් එච්.අශානි නිරංගා පියසුමන මහත්මිය වෙතින් මෙම ලිපි අදාළ නිලධාරීන් ලබා ගන්නා ලදී.
♦️♦️♦️♦️♦️ඔබ සා.පෙළ , උ.පෙළ අවසන් කලත් තාමත් රැකියාවක් ,පුහුණු පාඨමාලාවක් සොයන අයෙක් ද?උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳ දැනුවත් ද? එසෙත් නැත්නම් ඔබ කිසිදූ වෘත්තීය අරමුණක් නොමැතිව සිටින අයෙක් ද?
♦️♦️♦️♦️මෙම වටිනා අවස්ථාව ඔබ වෙනුවෙන්මයි..අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන.
දිනය,2026.01.29
ස්ථානය, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරය
අ.පො.ස (උ.පෙල) අවසන් කල සිසුන් හා පුහුණු,රැකියා අපේක්ෂිත සැමට.
වෙලාව-පෙ.ව.9.00
♨️ඔබගේ අනාගත වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට පුහුණුව මෙන්ම වෘත්තීය උපදේශනය ඉතා වැදගත් වන අතර මෙදින වැඩ සටහනට සහභාගී වන ඔබ සැමට එම සෙවාවන් නොමිලේ ලබා දිමට අප සූදානම්.
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව? ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරීමේ අධිකාරිය ? වෘත්තීය පුහුණු අධිකාරිය හා පිලිගත් , පුහුණු වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන් එදින සහභාගි විමට නියමිතයි..
නිපුණතා සංවර්ධන නිලධාරී ප්‍රාදෙශීය ලෙකමි කාර් යාලය
පාදුක්ක.077-5 219 267
පාදුක්ක - සීතාවක එකාබද්ධ සංචාරක අනුකමිටුව 2025/11/17 වන දින පස්වරු 2.00 ට ගරු කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාදුක්ක සහ සීතාවක සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති චන්දන සූරියආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි මේ අවස්ථාවට සීතාවක ප්‍රාදේශීය සභාවේ වග පින්නවල සහ බෝපේ කොට්ඨාස ඇතුළු කොට්ඨාසවල ගරු මන්ත්‍රීවරුන්ද සහභාගී විය.
මේ අවස්ථාවට පාදුක්ක ප්‍රාද්ශීය ලේකම් එච්.අශානි නිරංගා පියසුමන සීතාවක ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.මධුෂා.ආර්.වීරක්කොඩි යන මහත්මීන් සහ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) නිලධාරීන් සහභාගී වූහ. මෙම සංචාරක අනු කමිටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු දෙකෙහි අනු කමිටුවක් ලෙස කටයුතු කිරීමට එකඟ වූ අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි ස්වාභාවික සහ ඓතිහාසික විභවතාවයන්ගෙන් යුත් ස්ථානයන් පිළිබඳව ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කිරීමට සහ මේ සම්බන්ධ සියලු රාජ්‍යආයතනයන් එක්ව කටයුතු කිරීමටත් දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණීයකර ගනිමින් සංචාරක ගමනාන්තයක් බවට පත් කර ගැනීමටත් කටයුතුකිරීමට එකඟ විය.සහභාගීත්වය නියෝජනය කළ රාජ්‍ය ආයතන අතර
* බස්නාහිර පළාත් සංචාරක අමාත්‍යාංශය* ,ජාතික ජලසම්පාදන මණ්ඩලය - ලබුගම සහ කලටුවාව ජලාශ භාර ඉංජිනේරු* පුරා විද්‍යා වැඩබිම් * ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලය* අඩවි වන කාර් යාලය * සීතාවක උද්භීද උද්‍යාන උද්‍යානය * දුම්රිය දෙපාර්තමෙන්තුව * ලංකා ගමනා ගමන මණ්ඩලය යන ආයතන ඇතුළු ආයතන රාශියක් සහභාගී විය..පොලිස් ස්ථාන එක්කරගැනීමට කමිටුසභාපතිතුමාගේ අවධානය යොමු විය. පාදුක්ක සහ සීතාවක සංචාරක කටයුතු වසම්හි ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන් විෂයානුබද්ධ ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.





හදබිම අධිකාරියේ ජල සම්පත් සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උඩගම 458 සහ ගුරුලාන 458 කොට්ඨාශ සඳහා පානීය ජල ව්‍යාපෘතියක් 2025/11/04 දින උඩගම කොට්ඨාශයේ දී ආරම්භ කරන ලදී.හදබිම අධිකාරියේ ජල සම්පත් සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උඩගම 458 සහ ගුරුලාන 458 කොට්ඨාශ සඳහා පානීය ජල ව්‍යාපෘතියක් 2025/11/04 දින උඩගම කොට්ඨාශයේ දී ආරම්භ කරන ලදී.
මේ යටතේ ප්‍රජා පාදක වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උඩගම 458 සහ ගුරුලාන 458 කොට්ඨාශ සඳහා හදබිම අධිකාරියේ ජල සම්පත් සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ පානීය ජල ව්‍යාපෘතියක් 2025/11/04 දින උඩගම කොට්ඨාශයේ දී ආරම්භ කරන ලදී.



















