කොළඹ දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය මගින් මෙහෙයවන ලද පාදුක්ක ප්‍රා.ලේ.කාර්යාලයේ ආර් ර්‍ථක සංවර්ධන නිලධාරීන්ට සහ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා ව්‍යාපෘති කළමනාකරණය සහ කාර්යාල ක්‍රම පිළිබඳව පුහුණු වැඩසටහනක් 2025/08/29 වන දින පෙ.ව 9.00 සිට පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර් යාලයීයශ්‍රවණාගාරයේ දී පැවැත් විණි.
මේ සඳහා සහකාර දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.බී.අමිල සුරේෂ් පරාක්‍රම , දිස්ත්‍රීක් * ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුජිත් බණ්ඩාර, දිස්ත්‍රීක් ක්‍රම සම්පාදන සහකාර අධ්‍යක්ෂ ගයාත්‍රී බෝවිටිය ,දිස්ත්‍රීක් ක්‍රම සම්පාදන සංවර් ධන සම්බන්ධීකාරක ඩයනා සමන්ති යන මහත්ම මහත්මීන් දිස්ත්‍රීක් ලේකම් කාර් යාලය වෙනුවෙන් එක්වීය.
පාදුක්ක ප්‍රා.ලේ.කාර්යාලය වෙනුවෙන් සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.කේ.පී.ශිරෝමී රත්නායක, සහකාර අධ්‍යක්ෂ (සැලසුම් ) නන්දනී ගුණවර්ධන යන මහත්මීන් එක්විය.
කාර්යාල ක්‍රම පිළිබඳව පුහුණු සැසිය කොළඹ සහකාර දිස්ත්‍රීක් ලේකම්අමිල සුරේෂ් පරාක්‍රම මහතා විසින් පවත්වනු ලැබීය.
ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ව කොළඹ දිස්ත්‍රීක් ක්‍රම සම්පාදනඅධ්‍යක්ෂ සුජිත් බණ්ඩාර මහතා විසින් සැසිය පවත්වනු ලැබීය.දිනය පුරා මෙම පුුහුණු සැසිය පැවැත් වීය.
සංවිධානය : පාදුක්ක ප්‍රා.ලේ.කාර් යාලයේ සැලසුම් අංශය




















