පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වනිතාවන් සඳහා ස්වයං රැකියා සහ ව්‍යවසායකත්වයන් බිහිකිරීමේ අරමුණින් බස්නාහිර පළාත් සෞඛ්‍ය,දේශීය වෛද්‍ය .සමාජ සුබසාධන,පරිවාස හා ළමා ආරක්ෂක සේවා වනිතා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත  කෙටි ආහාර නිෂ්පාදනය,ඇඟලුම් සහ බතික් පුහුණු පාඨමාලා හැදෑරූ වනිතාවන් සඳහා සහතික පත් බෙදාදීමේ වැඩසටහනක්  2026/07/16 වන  දින පෙ.ව 9.00 සිට ප.ව 12.00 දක්වා සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.කේ.පී.ශිරෝමි රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


මෙම පුහුණු වැඩසටහන සහ සහතික පත් බෙදාදීමේ උත්සවය  පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා    සංවර්ධන නිලධාරී ආර්.ඒ.චතුරිකා දිල්හානි මහත්මිය විසින් සංවිධානය කරන ලදී.

a9482c0c 72b5 4576 afad 658356f3c866

caa48719 a55e 4a99 b9ab 495d8f5b89b3

dc8eb7d0 725d 43bc 83f1 efe40be7d04f

de6a804d 5b88 49e0 ad62 94d1128530fb

 

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර් යාලය,පාදුක්ක යෞවන සමාජ ප්‍රාදේශීය බල මණ්ඩලය, ග්‍රාම නිලධාරි වසමවල යෞවන සමාජ එක්ව සංවිධානය කරන ලද පාදුක්ක ප්‍රාදේශීය යෞවන ක්‍රීඩා උළෙල  2026/07/19 වන දින බෝපේ රාජසිංහ විද්‍යාලයේදී පැවැත්විණි. 

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර් යාලය,පාදුක්ක යෞවන සමාජ ප්‍රාදේශීය බල මණ්ඩලය, ග්‍රාම නිලධාරි වසමවල යෞවන සමාජ එක්ව සංවිධානය කරන ලද පාදුක්ක ප්‍රාදේශීය යෞවන ක්‍රීඩා උළෙල  2026/07/19 වන දින බෝපේ රාජසිංහ විද්‍යාලයේදී පැවැත්විණි. ගරු  කොළඹ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී, පාදුක්ක සහ සීතාවක සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති චන්දන සූරිය ආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ජය සංකේත ප්‍රදානෝත්සවයට  සීතාවක ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සුනිල් පේමරත්න මැතිතුමා සහ පින්නවල කොට්ඨාසයේ ගරු විමලසේන මැතිතුමා ප්‍රමුඛ පිරිසක්  සහභාගී වූහ.

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් එච්.අශානි නිරංගා පියසුමන මහත්යමියගේ උපදෙස් හා මග පෙන්වීම මත සංවිධානය කළ මෙම උළෙලට සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.කේ.පී.ශිරෝමි රත්නායක මහත්මිය, යෞවන සමාජ බල මණ්ඩල ක්‍රියාකාරිකයින්,තරඟ විනිසුරුවන්,ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් ද සහ සම්බන්ධ විය.

මෙම  උළෙලට ජවන හා පිටිය මළල ක්‍රිඩා රාශියක් අන්තර් ගත වූ අතර දින ගණනක් පුරා පැවතිණ.සමාප්ති උත්සවයේ තරුණ ප්‍රජාව දේශීය සංස්කෘතික කණ්ඩායම් නර්තනාංග වලින්  වර්ණවත්  කිරීම විශේෂිතය.

යෞවන ක්‍රීඩා උළෙලේ ප්‍රථමස්ථානය පින්නවල ශක්ති යෞවන සමාජයද  දෙවන ස්ථානය සියඹලාව වොරියර් යෞවන සමාජයද තෙවන ස්ථානය උග්ගල්ල  යෞවන සමාජයද වර්ණ දිනාගනු ලැබීය. පාදුක්ක තරුණ සේවා නිලධාරි දර්ශිකා වාකිෂ්ට මහක්මියගේ  සම්බන්ධී කරණයෙන් මෙම උත්සවය සංවිධානය විය.

9c7fad3f a1bf 4b46 8349 a1d0b14b9c6f

63f6cffb 994f 4fa9 b88d 2a62d47401a2

13af84c5 655d 488e 9a2c 5d691fa06dd4

 

 ජාතික ඵලදායිතා ලේකම්පා කාර්යාලය, CLEAN SRI LANKA  ජාතික වැඩසටහනට සමගාමීව පාදුක්ක  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ක්‍රියාත්මක දැය නංවන සපිරි ගමක් ප්‍රජාඵලදායිතා ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ 458 සී දඹෝර ග්‍රාම නිලධාරී වසමේ ඉසුරුයාය ගම්මානයේ  තෝරාගත්  ගෘහ ඒකක සඳහා ප්‍රජා ඵලදායිතා අත්පොත පිළිබඳව පැහැදිලි කිරීම සහ පිළිගැන්වීමේ  වැඩසටහනක් 2026/07/15  වන දින ඵලදායිතා සංවර් ධන නිලධාරී බින්ධ්‍යා වික්‍රමතිලක මහත්මියගේ සම්පත්දායකත්වය සහ සංවිධානයෙන් දඹෝර සේවා පියසේදී පැවැත්විණිජාතික ඵලදායිතා ලේකම්පා කාර්යාලය, CLEAN SRI LANKA  ජාතික වැඩසටහනට සමගාමීව පාදුක්ක  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ක්‍රියාත්මක දැය නංවන සපිරි ගමක් ප්‍රජාඵලදායිතා ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ 458 සී දඹෝර ග්‍රාම නිලධාරී වසමේ ඉසුරුයාය ගම්මානයේ  තෝරාගත්  ගෘහ ඒකක සඳහා ප්‍රජා ඵලදායිතා අත්පොත පිළිබඳව පැහැදිලි කිරීම සහ පිළිගැන්වීමේ  වැඩසටහනක් 2026/07/15  වන දින ඵලදායිතා සංවර් ධන නිලධාරී බින්ධ්‍යා වික්‍රමතිලක මහත්මියගේ සම්පත්දායකත්වය සහ සංවිධානයෙන් දඹෝර සේවා පියසේදී පැවැත්විණි
මේ සඳහා දඹෝර ග්‍රාම නිලධාරී ජේ.ඒ.එන්.එම්.ජයකොඩි මහතා සහ ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරී නිල්මිණි රත්නායක මහත්මිය ද ප්‍රජා ඵලදායිතා කමිටු නායකයන් ද සහභාගී වූහ

751339562 1013959284953460 7627556073981129186 n

 

753694987 1725116731907498 4781830319485467887 n

 

 

753170058 1541238280871424 2055875001147364661 n

 


පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 458 උඩගම ග්‍රාම නිලධාරී වසමේ මාවක් ඔය අවහිරවීම නිසා වසර ගණනාවක සිට  පිටාර ජලය මගින් ඍජුව පීඩාවිඳි පවුල් 15 ක පිරිස් සහ පෞද්ගලික ඉඩම් සෝදා පාළුවට ලක්වීම සහ පාංශු ඛාදනයවීම, ඛාදනය වීම නිසා භූමියේ සරුසාර බව අඩුවීම, ජලය අව පැහැවීම ආදී පාරිසරක ගැටළු රාශියක් ඉස්මතු විය. එසේම මෙලෙස පීඩාවිඳි පවුල් සඳහා ආපදා සහන සැපයීම ද සිදුවිය. ඉහළ ජලාධාර ප්‍රදේශවලට වර්ෂා සමයේදී ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමගම නිරන්තරයෙන් පීඩාවට පත්වෙමින් ජන ජීවිතය අඩාලවීම සහ දේපලවලට හානිවීම සිදුවිය.


මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු සදහා ඉමහත් කැපවීමක් පාදුක්ක ප්‍රාදේශීය ලේකම් එච්.අශානි නිරංගා පියසුමන මහත්මිය විසින් සිදු කරනු ලැබීය. පීඩාවටපත් වූවන්ගේ මහජන ඉල්ලීම් සලකා බලමින්, ආයතන කළමනාකරණය කරමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.මේ සඳහා දායක වූ ආයතන වන්නේ


** පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - ආපදා සහන සේවා අංශය

**කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය** භූවිද්‍යා සහ පතල් කාර්යංශය

**පළාත් වාරි මාර්ග දෙපාර්තමෙන්තුව 

7f1ff237 d005 4341 9359 3f15524f161e

76a0d0a8 6270 4b83 a541 4b8d0be40da3

3371a2b3 bc4e 424f b408 e93960c5e84b

e48e9bac 93de 4f90 98cc ce222a434069

 

 

News & Events

22
සැප්2026
Village Housing DevelopmentVillage Housing Development

Village Housing DevelopmentVillage Housing Development

Under the provisions of the Ministry of...

Scroll To Top