පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර් යාලය,පාදුක්ක යෞවන සමාජ ප්‍රාදේශීය බල මණ්ඩලය, ග්‍රාම නිලධාරි වසමවල යෞවන සමාජ එක්ව සංවිධානය කරන ලද පාදුක්ක ප්‍රාදේශීය යෞවන ක්‍රීඩා උළෙල 2026/07/19 වන දින බෝපේ රාජසිංහ විද්‍යාලයේදී පැවැත්විණි.
පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර් යාලය,පාදුක්ක යෞවන සමාජ ප්‍රාදේශීය බල මණ්ඩලය, ග්‍රාම නිලධාරි වසමවල යෞවන සමාජ එක්ව සංවිධානය කරන ලද පාදුක්ක ප්‍රාදේශීය යෞවන ක්‍රීඩා උළෙල 2026/07/19 වන දින බෝපේ රාජසිංහ විද්‍යාලයේදී පැවැත්විණි. ගරු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී, පාදුක්ක සහ සීතාවක සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති චන්දන සූරිය ආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ජය සංකේත ප්‍රදානෝත්සවයට සීතාවක ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සුනිල් පේමරත්න මැතිතුමා සහ පින්නවල කොට්ඨාසයේ ගරු විමලසේන මැතිතුමා ප්‍රමුඛ පිරිසක් සහභාගී වූහ.
පාදුක්ක ප්‍රාදේශීය ලේකම් එච්.අශානි නිරංගා පියසුමන මහත්යමියගේ උපදෙස් හා මග පෙන්වීම මත සංවිධානය කළ මෙම උළෙලට සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.කේ.පී.ශිරෝමි රත්නායක මහත්මිය, යෞවන සමාජ බල මණ්ඩල ක්‍රියාකාරිකයින්,තරඟ විනිසුරුවන්,ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් ද සහ සම්බන්ධ විය.
මෙම උළෙලට ජවන හා පිටිය මළල ක්‍රිඩා රාශියක් අන්තර් ගත වූ අතර දින ගණනක් පුරා පැවතිණ.සමාප්ති උත්සවයේ තරුණ ප්‍රජාව දේශීය සංස්කෘතික කණ්ඩායම් නර්තනාංග වලින් වර්ණවත් කිරීම විශේෂිතය.
යෞවන ක්‍රීඩා උළෙලේ ප්‍රථමස්ථානය පින්නවල ශක්ති යෞවන සමාජයද දෙවන ස්ථානය සියඹලාව වොරියර් යෞවන සමාජයද තෙවන ස්ථානය උග්ගල්ල යෞවන සමාජයද වර්ණ දිනාගනු ලැබීය. පාදුක්ක තරුණ සේවා නිලධාරි දර්ශිකා වාකිෂ්ට මහක්මියගේ සම්බන්ධී කරණයෙන් මෙම උත්සවය සංවිධානය විය.




















