පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වනිතාවන් සඳහා ස්වයං රැකියා සහ ව්‍යවසායකත්වයන් බිහිකිරීමේ අරමුණින් බස්නාහිර පළාත් සෞඛ්‍ය,දේශීය වෛද්‍ය .සමාජ සුබසාධන,පරිවාස හා ළමා ආරක්ෂක සේවා වනිතා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත කෙටි ආහාර නිෂ්පාදනය,ඇඟලුම් සහ බතික් පුහුණු පාඨමාලා හැදෑරූ වනිතාවන් සඳහා සහතික පත් බෙදාදීමේ වැඩසටහනක් 2026/07/16 වන දින පෙ.ව 9.00 සිට ප.ව 12.00 දක්වා සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.කේ.පී.ශිරෝමි රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම පුහුණු වැඩසටහන සහ සහතික පත් බෙදාදීමේ උත්සවය පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරී ආර්.ඒ.චතුරිකා දිල්හානි මහත්මිය විසින් සංවිධානය කරන ලදී.





















