පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 458 උඩගම ග්‍රාම නිලධාරී වසමේ මාවක් ඔය අවහිරවීම නිසා වසර ගණනාවක සිට පිටාර ජලය මගින් ඍජුව පීඩාවිඳි පවුල් 15 ක පිරිස් සහ පෞද්ගලික ඉඩම් සෝදා පාළුවට ලක්වීම සහ පාංශු ඛාදනයවීම, ඛාදනය වීම නිසා භූමියේ සරුසාර බව අඩුවීම, ජලය අව පැහැවීම ආදී පාරිසරක ගැටළු රාශියක් ඉස්මතු විය. එසේම මෙලෙස පීඩාවිඳි පවුල් සඳහා ආපදා සහන සැපයීම ද සිදුවිය. ඉහළ ජලාධාර ප්‍රදේශවලට වර්ෂා සමයේදී ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමගම නිරන්තරයෙන් පීඩාවට පත්වෙමින් ජන ජීවිතය අඩාලවීම සහ දේපලවලට හානිවීම සිදුවිය.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු සදහා ඉමහත් කැපවීමක් පාදුක්ක ප්‍රාදේශීය ලේකම් එච්.අශානි නිරංගා පියසුමන මහත්මිය විසින් සිදු කරනු ලැබීය. පීඩාවටපත් වූවන්ගේ මහජන ඉල්ලීම් සලකා බලමින්, ආයතන කළමනාකරණය කරමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.මේ සඳහා දායක වූ ආයතන වන්නේ
** පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - ආපදා සහන සේවා අංශය
**කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය** භූවිද්‍යා සහ පතල් කාර්යංශය
**පළාත් වාරි මාර්ග දෙපාර්තමෙන්තුව





















