අභිනව වර්ෂය සඳහා පාදුක්ක ප්‍රාදේශීය ළමා සභා රැස්වීම 2026/02/27 වන දින පෙරවරු 9.00 සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

*දරුවනට මත් නිවාරණය

සමාජ උවදුරක් වූ මතින් දරුවන් වළක්වා ගැනීම පිළිබඳව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යාපන අංශයේ මත් නිවාරණ නිලධාරී දුල්ෂානී මහානාම මහත්මිය විසින් දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන ලදී.අධ්‍යපනය හා අනාගත ජීවිතය මත් මායාවෙන් ගලවා ගන්නේ කෙසේදැයි වැඩි දුරටත් පෙන්වාදෙන ලදී

දරුවනට වෘත්තීය අධ්‍යාපනය

දරුවනට තම අනාගත වෘත්තීය ජීවිතය හා ජීවනෝපාය සලසා ගැනීම සඳහා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව ළමා වියේ සිටම දැඩි අවධානයක් යොමු කිරීමේ වැදගත්කම සහ විෂයන් තෝරා ගැනීම පිළිබඳව දරුවන් දැනුවත් කිරීම පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවධන නිලධාරී කේ.සමන්ත පීරිස් මහතා දැනුවත් කිරීම සිදු කරන ලදී.

*ළමුන් මනෝ සමාජීය වශයෙන් බලගැන්වීම

ප්‍රායෝගික ක්‍රියාකාරී මානසික නිරෝගීතාවයෙන් ප්‍රබල දරුවකු සමාජගත කිරීම මගින් සාථක පුරවැසියකු සමාජයට දායාද කළහැකි බැවින් ඒ සඳහා ක්‍රියාකාරී වැඩසටහනක් මගින් දරුවන් මානසිකව බල ගැන්වීම පාදුක්ක ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේ මනෝ සමාජයීය උපදේශන නිලධාරීන්වන ආචාර්ය ටෙරන්ස් අතුකෝරළ මහතා සහ වජිරා ශාන්ති යන මහත්ම මහත්මීන් විසින්  දරුවන් ශක්තිමත් කරනු ලැබීය. මෙම වැඩසටහන පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී මනෝරි පලිහක්කාර මහත්මිය විසින් සංවිධානය කරන ලදී.

child1

3chi

4ch

 

News & Events

22
සැප්2026
Village Housing DevelopmentVillage Housing Development

Village Housing DevelopmentVillage Housing Development

Under the provisions of the Ministry of...

Scroll To Top