අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ප්‍රාදේශීය නිදහස් දින උළෙල 2026/02/04 දින පාදුක්ක නගර මධ්‍යයේදී පැවැත්විණි.පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙහෙයවූ මෙම උත්සවය ගරු කොළඹ දිස්ත්‍රික් පාර්ලි‍මෙන්තු මන්ත්‍රී,පාදුක්ක සහ සීතාවක සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති චන්දන සූරියආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 
 
මෙම අවස්ථාවේ සිව් ආගමික මෙහෙයන් පැවැත්වීම විශේෂත්වයකි. බෞද්ධාගමික වතාවත් ඉටු කිරීම පාදුක්ක ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති අති පූජ්‍ය යටිපස්ගමුමේ විජිතවංශාභිධාන නාහිමිපාණන් වහන්සේ ඉටු කළ අතර ලේඛකාධිකාරී පූජ්‍ය බ්‍රැන්ඩිගම්පළ හේමාවාස නාහිමිපාණන් වහන්සේ ද සහභාගී වූහ.හින්දු ආගමික කටයුතු ශ්‍රි මුත්තු මාරි අම්මාන් කෝවිලේ බාලසුබ්‍රමනියම් මහේෂ්වරන් කුරුක්කල් ස්වාමිතුමාද, ක්‍රිස්තියානි ආගමික වතාවත් ලියන්වල ශාන්ත පාවුළු දේවස්ථානයේ ඩේවිඩ් සමාතානම් පියතුමාද,මුස්ලිම් ආගමික වතාවත් ගලගෙදර මස්ජිදු සුහෙයිලියා පල්ලියේ මොහොමඩ් මුනීෆ් මව්ලවිතුමාද සිදු කළහ.
 
මේ අවස්ථාවට සීතාවක ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සුනිල්  ප්‍රේමරත්න,උප සභාපතිතුමා ඇතුළු ප්‍රාදේශීය  සභා මන්ත්‍රීවරු සහභාගී වූහ.පාදුක්ක ප්‍රාදේශීය ලේකම් අශානි නිරංගා පියසුමන මහත්මිය පිරිස පිළිගනිමේ කථාව පැවැත්විය. සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ,පරිපාලන නිලධාරී,පරිපාලන ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු සියලුම නිලධාරීන් ද ශ්‍රි ලංකා යුධ හමුදාව මෙනේරිගම,පාදුක්ක පොලිස්ස්ථානය,පාදුක්ක දුම්රිය ස්ථානය,පාදුක්ක සුරාබදු ස්ථානය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතනයන්හි නිලධාරීන් ද පාදුක්ක සිරි පියරතන විද්‍යාලයය,බෝපේ රාජසිංහ විද්‍යාලයය ගලදෙර කණිටු විද්‍යාලයය නියෝජනය කරමින් සිසු දරුවන්ද සහභාගී විය. උග්ගල්ල සංස්කෘතික ම්‍යස්ථානය ඇතුළු ආයතනයන්හි නර්තන ශිල්පීන්ද සහභාගීවිය. පාදුක්ක සිරි පියරන කණිටු විද්‍යාලයේ දරුවන් නිදහස තේමා කරගත් චිත්‍ර ප්‍රදර්ශනය කරන ලදී.
 
 
 
44
 
 
11
 
33
 
 
55
 
 
 
 
 
 
 
 

News & Events

22
සැප්2026
Village Housing DevelopmentVillage Housing Development

Village Housing DevelopmentVillage Housing Development

Under the provisions of the Ministry of...

Scroll To Top