පාදුක්ක - සීතාවක එකාබද්ධ සංචාරක අනුකමිටුව 2025/11/17 වන දින පස්වරු 2.00 ට ගරු කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාදුක්ක සහ සීතාවක සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති චන්දන සූරියආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි මේ අවස්ථාවට සීතාවක ප්‍රාදේශීය සභාවේ වග පින්නවල සහ බෝපේ කොට්ඨාස ඇතුළු කොට්ඨාසවල  ගරු මන්ත්‍රීවරුන්ද  සහභාගී විය.

මේ අවස්ථාවට  පාදුක්ක  ප්‍රාද්ශීය   ලේකම්  එච්.අශානි නිරංගා පියසුමන සීතාවක ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.මධුෂා.ආර්.වීරක්කොඩි යන මහත්මීන් සහ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) නිලධාරීන්  සහභාගී වූහ. මෙම සංචාරක අනු කමිටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු දෙකෙහි අනු කමිටුවක් ලෙස කටයුතු කිරීමට එකඟ  වූ අතර  ප්‍රාදේශීය  ලේකම්  කොට්ඨාස   දෙකෙහි ස්වාභාවික සහ ඓතිහාසික විභවතාවයන්ගෙන් යුත් ස්ථානයන් පිළිබඳව ඒකාබද්ධ  ප්‍රවේශයකින්  කටයුතු කිරීමට  සහ මේ සම්බන්ධ සියලු රාජ්‍යආයතනයන් එක්ව කටයුතු කිරීමටත් දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණීයකර ගනිමින් සංචාරක ගමනාන්තයක් බවට පත් කර ගැනීමටත් කටයුතුකිරීමට  එකඟ විය.සහභාගීත්වය නියෝජනය කළ රාජ්‍ය ආයතන අතර  
* බස්නාහිර පළාත් සංචාරක අමාත්‍යාංශය* ,ජාතික ජලසම්පාදන මණ්ඩලය - ලබුගම සහ කලටුවාව ජලාශ භාර ඉංජිනේරු* පුරා විද්‍යා වැඩබිම් * ඉඩම්  ප්‍රතිසංස්කරණ බල මණ්ඩලය* අඩවි වන කාර් යාලය * සීතාවක උද්භීද උද්‍යාන උද්‍යානය  * දුම්රිය දෙපාර්තමෙන්තුව * ලංකා ගමනා ගමන මණ්ඩලය යන ආයතන ඇතුළු ආයතන රාශියක් සහභාගී විය..පොලිස් ස්ථාන එක්කරගැනීමට කමිටුසභාපතිතුමාගේ අවධානය යොමු විය.   පාදුක්ක සහ සීතාවක සංචාරක කටයුතු වසම්හි ප්‍රජා සවිබල  ගැන්වීමේ නිලධාරීන් විෂයානුබද්ධ ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

5cb0cdfc 311a 4563 b4e7 f94d5e3cba12

98006336 94d5 4ec6 9fff 8d5acb6d88ce

 

 

News & Events

22
සැප්2026
Village Housing DevelopmentVillage Housing Development

Village Housing DevelopmentVillage Housing Development

Under the provisions of the Ministry of...

Scroll To Top