අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

22
සැප්2026
Village Housing DevelopmentVillage Housing Development

Village Housing DevelopmentVillage Housing Development

Under the provisions of the Ministry of Village Development and the Department of the Commissioner of Housing, a development initiative is being implemented to upgrade underdeveloped housing units. The project aims to provide residents with a more comfortable standard of...

19
සැප්2026
පාදුක්ක මාවක් ඔය අවහිරතා ඉවත්කර ආපදා අවම කිරීමේ  ව්‍යාපෘතිය නිරීක්ෂණය

පාදුක්ක මාවක් ඔය අවහිරතා ඉවත්කර ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිය නිරීක්ෂණය

මාවක් ඔය වැසි ජලය පිටාර ගැලීමෙන් අවට නිවාස ජල උවදුරට මුහුණපෑම  නිසා ඇතිවන අවහිරතා ඉවත්කර ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිය මේ වනවිට වැඩ අවසන්ව ඇති බැවින් මෙම ව්‍යාපෘතිය නිමාවට පත්ව ඇත. මේ පිළිබඳව ක්ෂ්‍රේත්‍ර පරීක්ෂාවක් පාදුක්ක සහ සීතාවක සම්බන්ධීකරණ කමිටු  සභාපති...

19
සැප්2026
බිම්මල් සහ විසිතුරු මත්ස්‍ය ව්‍යාපෘති ප්‍රතිලාභී හමුව

බිම්මල් සහ විසිතුරු මත්ස්‍ය ව්‍යාපෘති ප්‍රතිලාභී හමුව

ප්‍රජා ශක්ති 2026 වැඩසටහන යටතේ බිම්මල් සහ විසිතුරු මත්ස්‍ය වගා යෝජිත ප්‍රතිලාභින්ගේ හමුවක් පාදුක්ක ප්‍රාදේශීය ලේකම් එච්.අශානි නිරංගා පියසුමන මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026/08/31 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මේ අවස්ථාවට සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) නන්දනී ගුණවර්ධන මහත්මිය ඇතුළුව වසම්හි ප්‍රජා...

04
සැප්2026
ජාතික රතු දත්ත ලැයිස්තුව  පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

ජාතික රතු දත්ත ලැයිස්තුව පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

පරිසර අමාත්‍යාංශය, ජාතික උද්භීද උද්‍යාන දෙපාර්තමේන්තුව සහ  ජාතික මුලික අධ්‍යයන ආයතනය එක්ව ජාතික සංවිධානය කරන ලද රතු දත්ත ලැයිස්තුව පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන 2026 අගෝස්තු මස‍ 21 වන දින  අවිස්සාවේල්ල ඉලුක්ඹ්විට පිහිටි සීතාවක උද්භීද උද්‍යාන ශ්‍රවණාගාරයේ පවත්වන ලදී.පරිසර...

29
අගෝ2026
සමථකරණය පිළිබඳ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහන

සමථකරණය පිළිබඳ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහන

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පාසල්වල ගුරුවරුන් සඳහා මැදිහත්වීම සහ ගැටුම් නිරාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනක් 2026/08/14 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. පාදුක්ක සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.කේ.පී. ශිරෝමි රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභී ගුරුවරියන් 80 දෙනෙකු සහභාගී...

03
අගෝ2026
ස්වයං රැකියා ලාභිනියන්හට පුහුණුව

ස්වයං රැකියා ලාභිනියන්හට පුහුණුව

 පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වනිතාවන් සඳහා ස්වයං රැකියා සහ ව්‍යවසායකත්වයන් බිහිකිරීමේ අරමුණින් බස්නාහිර පළාත් සෞඛ්‍ය,දේශීය වෛද්‍ය .සමාජ සුබසාධන,පරිවාස හා ළමා ආරක්ෂක සේවා වනිතා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත  කෙටි ආහාර නිෂ්පාදනය,ඇඟලුම් සහ බතික් පුහුණු පාඨමාලා හැදෑරූ වනිතාවන් සඳහා සහතික පත් බෙදාදීමේ...

01
අගෝ2026
ප්‍රාදේශීය යෞවන ක්‍රීඩා උළෙල

ප්‍රාදේශීය යෞවන ක්‍රීඩා උළෙල

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර් යාලය,පාදුක්ක යෞවන සමාජ ප්‍රාදේශීය බල මණ්ඩලය, ග්‍රාම නිලධාරි වසමවල යෞවන සමාජ එක්ව සංවිධානය කරන ලද පාදුක්ක ප්‍රාදේශීය යෞවන ක්‍රීඩා උළෙල  2026/07/19 වන දින බෝපේ රාජසිංහ විද්‍යාලයේදී පැවැත්විණි.  පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර් යාලය,පාදුක්ක යෞවන සමාජ ප්‍රාදේශීය බල...

23
ජූලි2026
දඹෝර ප්‍රජා ඵලදායිතා ගම්මානයට ප්‍රජා ඵලදායිතා  අත් පොත හඳුන්වා දීම

දඹෝර ප්‍රජා ඵලදායිතා ගම්මානයට ප්‍රජා ඵලදායිතා අත් පොත හඳුන්වා දීම

 ජාතික ඵලදායිතා ලේකම්පා කාර්යාලය, CLEAN SRI LANKA  ජාතික වැඩසටහනට සමගාමීව පාදුක්ක  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ක්‍රියාත්මක දැය නංවන සපිරි ගමක් ප්‍රජාඵලදායිතා ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ 458 සී දඹෝර ග්‍රාම නිලධාරී වසමේ ඉසුරුයාය ගම්මානයේ  තෝරාගත්  ගෘහ ඒකක සඳහා ප්‍රජා ඵලදායිතා අත්පොත පිළිබඳව...

17
ජූලි2026
උඩගම මාවක් ඔය අවහිරතා ඉවත් කිරීම - ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිය 

උඩගම මාවක් ඔය අවහිරතා ඉවත් කිරීම - ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිය 

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 458 උඩගම ග්‍රාම නිලධාරී වසමේ මාවක් ඔය අවහිරවීම නිසා වසර ගණනාවක සිට  පිටාර ජලය මගින් ඍජුව පීඩාවිඳි පවුල් 15 ක පිරිස් සහ පෞද්ගලික ඉඩම් සෝදා පාළුවට ලක්වීම සහ පාංශු ඛාදනයවීම, ඛාදනය වීම නිසා භූමියේ සරුසාර බව...

 

සම්බන්ධ කරගත හැකි ස්ථානය ලිපිනය දුරකථන අංකය
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විද්‍යා මාවත, කොළඹ 07 +94 112 665 352
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විද්‍යා මාවත, කොළඹ 07 +94 112 665 258
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විද්‍යා මාවත, කොළඹ 07 +94 112 136 136
+94 112 670 070
+94 112 136 100
පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පාදුක්ක හොරණ පාර පාදුක්ක  +94 112 858 198

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ආපදා කළමනාකරණ සැලැස්ම පිළියෙල කිරීම
________________________________________
ඉලක්ක :
පෙර අවස්ථා
ආපදා අවස්ථා
ආපදාවන්ට පසු අවස්ථා
ආපදාවන්ට පෙර අවස්ථා :
•    ආපදා සිදුවිය හැකි  ස්ථාන හදුනා ගැනිම.
•    ආපදා සිදුවන ස්ථාන සිතියම් ගත කිරිම.
•    හදිසි අවස්ථාවන්ට මුහුන දීම සඳහා සැලසුම් සකස් කිරීම
•    ඒ සඳහා කමිටු ස්ථාපනය කිරීම.
•    ප්‍රජාව දැනුවත් කිරීම.
•    අදාල විය හැකි ආයතන ලැයිස්තු ගත කිරීම හා සම්බන්ධතා පවත්වාගෙන යාම
•    ආපදා අවම කිරීමට උපකාරී වන ව්‍යාපෘති හදුනා ගැනීම.
•    එම ව්‍යාපෘති ක්‍රීයාත්මක කිරීමට සම්බන්ධිකරණ‍‍ය කිරීම.
•    රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන සම්බන්ධිකරණය කිරීම.
 ________________________________________
ආපදා අවස්ථා :
•    ක්ෂණික ප්‍රතිචාර දැක්විම
•    අනතුරු ඇගවීම
•    අදාල ආයතන වලට තොරතුරු ලබා දීම හා සම්බන්ධීකරණය කිරීම
•    ආපදා තත්ත්වයෙන් ජනතාව සහ දේපල ගලවා ගැනීමට ක්‍රීයාත්මක විම
•    සහන කදවුරු පවත්වාගෙන යාම සහ සුභසාධන සේවා ක්‍රියාත්මක කිරීම
ආපදාවක පසු අවස්ථා :
•    හානි තක්සේරු හා පුනරුත්ථාපන කටයුතු
•    හානියට පත් වු ප්‍රදේශ වල  යටිතල පහසුකම් සදහා අදාල ආයතන සම්බන්ධීකරණය කිරීම
•    සහනාධාර ලබා දීම
•    සහනාධාර ලබා දීමට ඉදිරිපත්වන පිටස්තර ආයතන හා සම්බන්ධීකරණය
තොරතුරු හා වාර්තා අදාල ආයතන වලට ලබා දීම
•    අවශ්‍ය වන විට උපදේශන සේවා ක්‍රීයාත්මක කිරීම
 ________________________________________
ප්‍රාදේශීය ආපදා කළමනාකරණ සැලැස්ම :
•    ආපදා කළමනාකරණ කමිටු ස්ථාපනය කිරිම
•    ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ආපදා කමිටුව ස්ථාපනය කිරීම
•    ග්‍රාම නිලධාරී වරුන්ගේ ප්‍රධානත්වයෙන් ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටු පිහිටුවිම

________________________________________
ක්‍රියාකාරී සැලැස්ම :
•    ප්‍රාදේශීය ආපදා කළමනාකරණ කමිටුව මාස 3 කට වරක් රැස්වීම.
•    ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටුව සෑම මාස 2 කට වරක් රැස්වීම.
 ________________________________
කළමනාකරණ ක්‍රීයාකාරී සැලැස්ම :
•    අවදානම් කලාප සිතියම් ගත කිරීම
•    කඳවුරු ප්‍රදේශ හදුනා ගැනීම
•    ආරක්ෂිත ස්ථාන ස්ථාපිත කිරීම
•    හදිසි විකල්ප මාර්ග හදුනා ගැනීම .
•    ජීවිතාරක්ෂකයින් පුරුදු කිරීමේ වැඩ සටහන්.
•    ආපදා කළමනාකරණ මාර්ගෝපදේශනයක් සැකසීම.
•    සේවා සපයන ආයතනවල තොරතරු යාවත්කාලීන කිරීම

 අධී අවදානම් කලාප ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් හදුනාගත් නැවත පසිංචි කිරිස සඳහා නිර්දේශ ලබා දී ඇති පුද්ගලයින්ගේ තොරතුරු 2017 සි මේ දක්වා 

අනු අංකය ග්‍රාම නිලධාරී වසම නම  ලිපිනය ජා.ගො.ප.සං.වාර්තා අංකය හා අදාළ තොරතුරු දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග/වර්තමාන තත්වය
1 උඩගම ඩබ්.වී.අනුර කුමාර 57,උඩගම,බෝපේ,පාදුක්ක. NBRO/LRRMD/CO/LI/17/31/33931 හා NBRO/LRRMD/CO/LI/17/31/35380 -නැවත පදිංචි කල යුතු ප්‍රමුඛතා ලේඛනයට නම ඇතුලත්ව ඇත. නැවත පදිංචිය සම්බන්ධයෙන් අකමැත්ත ප්‍රකාශකොට ලිඛිතව ලබා දී ඇත.
2 උඩගම කුමාරදාස තිලකවර්ධන 56/1.උඩගම,බෝපේ,පාදුක්ක. NBRO/LRRMD/CO/LI/17/31/33931 හා NBRO/LRRMD/CO/LI/17/31/35380 -නැවත පදිංචි කල යුතු ප්‍රමුඛතා ලේඛනයට නම ඇතුලත්ව ඇත. නැවත පදිංචිය සම්බන්ධයෙන් අකමැත්ත ප්‍රකාශකොට ලිඛිතව ලබා දී ඇත.
3 උඩගම ගමලජ්ජිගේ ගුණතිලක 59,උඩගම,බෝපේ,පාදුක්ක. NBRO/LRRMD/CO/LI/17/31/33931 හා NBRO/LRRMD/CO/LI/17/31/35380 -නැවත පදිංචි කල යුතු ප්‍රමුඛතා ලේඛනයට නම ඇතුලත්ව ඇත. නැවත පදිංචිය සම්බන්ධයෙන් අකමැත්ත ප්‍රකාශකොට ලිඛිතව ලබා දී ඇත.
4 උඩගම ජී.උපාලිතිස්ස උඩගම.බෝපේ,පාදුක්ක. NBRO/LRRMD-CMB/CMB/PADUKK/LI/24/0066 2024ජුනි මාසයේදී අවදානමට ලක්වූ නිවසකි
5 උඩගම සන්ධ්‍යා කුමාරී උඩගම.බෝපේ,පාදුක්ක. NBRO/LRRMD-CMB/CMB/PADUKK/LI/24/0065 2024ජුනි මාසයේදී අවදානමට ලක්වූ නිවසකි
6 උඩගම අආනන්ද හේමසිංහ උඩගම.බෝපේ,පාදුක්ක. NBRO/LRRMD-CMB/CMB/PADUKK/LI/24/0065 2024ජුනි මාසයේදී අවදානමට ලක්වූ නිවසකි
7 උඩගම කේ.කේ.සරත් තිලකසිරි උඩගම.බෝපේ,පාදුක්ක. NBRO/LRRMD-CMB/CMB/PADUKK/LI/24/0065 2024ජුනි මාසයේදී අවදානමට ලක්වූ නිවසකි
8 උඩගම එරන්ද ඉන්දික 56/2,උඩගම,බෝපේ,පාදුක්ක. NBRO/LRRMD-CMB/CMB/PADUKK/LI/24/0063 2024ජුනි මාසයේදී අවදානමට ලක්වූ නිවසකි
9 වග දකුණ ඊ.පියශීලී 256/2,වග දකුණ,තුම්මෝදර. NBRO/LRRMD/CO/LI/17/31/33471  -නැවත පදිංචි කල යුතු ප්‍රමුඛතා ලේඛනයට නම ඇතුලත්ව ඇත. නැවත පදිංචිය සම්බන්ධයෙන් අකමැත්ත ප්‍රකාශකොට ලිඛිතව ලබා දී ඇත. අවදානම් තත්වය සම්බන්ධයෙන් නැවත ජා.ගො.ප.ස. වාර්තාවක් ඉල්ලා ලිපි යොමු කොට ඇත.
10 වග දකුණ අම්ත ධර්ම පුෂ්පතිලක 246/2/1,වග දකුණ,තුම්මෝදර. NBRO/LRRMD/CO/LI/17/31/33471   නැවත පදිංචිය සම්බන්ධයෙන් අකමැත්ත ප්‍රකාශකොට ලිඛිතව ලබා දී ඇත. අවදානම් තත්වය සම්බන්ධයෙන් නැවත ජා.ගො.ප.ස. වාර්තාවක් ඉල්ලා ලිපි යොමු කොට ඇත.
11 වග බටහිර එච්.ජී.සුභාෂ් විමලසේන 449/1,ප්‍රෙමසිරි මාවත,කෙළිමඩල,තුම්මෝදර. NBRO/LRRMD/CO/LI/17/31/33471 -  නැවත පදිංචි කල යුතු ප්‍රමුඛතා ලේඛනයට නම ඇතුලත්ව ඇත.   නැවත පදිංචිය සම්බන්ධයෙන් අකමැත්ත ප්‍රකාශකොට ලිඛිතව ලබා දී ඇත. අවදානම් තත්වය සම්බන්ධයෙන් නැවත ජා.ගො.ප.ස. වාර්තාවක් ඉල්ලා ලිපි යොමු කොට ඇත.
12 ඉහල බෝපේ ඩබ්.එම්.හේමලතා 82/බී,මාර්ග කණුව අසල,වේවැල්කැටිය,බෝපේ,පාදුක්ක. NBRO/LRRMD/CO/LI/17/31/33466 -  නැවත පදිංචි කල යුතු ප්‍රමුඛතා ලේඛනයට නම ඇතුලත්ව ඇත.   නැවත පදිංචිය සම්බන්ධයෙන් අකමැත්ත ප්‍රකාශකොට ලිඛිතව ලබා දී ඇත.
13 ඉහල බෝපේ ජී.ජී. අනුර යාපා මාවත , වරල්ල. NBRO/LRRMD/MT/LI/17/31/33151-ERR  නිකුත් කළ දිනය 2017.08.15 මාතර කොටපොල පදිංචිව සිට අප කොට්ඨාසයේ ඉහල බෝපේ වසමෙහි නැවත පදිංචිය සදහා නිවසක් සමග ඉඩමක් මිලදී  ගැනීම සදහා ලක්ෂ 16ක් ලබා දී ඇති අතර ඔවුන් මේ වනතෙක් අදාළ නිවසෙහි පදිංචිවී නොමැති අතර ඒ සම්බන්ධයෙන්  ජා.ආ.ස.සේ.ම.,දිස්ත්‍රික් ලේකම් කොළඹ, දිස්ත්‍රික් ලේකම් මාතර, ප්‍රාදේශීය ලේකම් කොටපොල දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
14 වේරගල කේ.පී.පොඩි මහත්තයා 179/A/1,වේරගල මාවත,වේරගල. NBRO/LRRMD/CO/LI/17/31/33159 -  නැවත පදිංචි කල යුතු ප්‍රමුඛතා ලේඛනයට නම ඇතුලත්ව ඇත.   අප විසින් 2021.10.04 දින නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ වන ලෙස දන්වා ලිපි යොමු කොට ඇත. එම වත්තෙහි අයිතිකරු හටද ලිපි මගින් දුනුම් දීම් සිදු කොට ඇත.
15 බෙරුකැටිය එම්.රණසිංහ 310/76,නිසල සෙවණ,බෙරුකැටිය. CO/PD/LI/2021/00001 -   නැවත පදිංචි කල යුතු ප්‍රමුඛතා ලේඛනයට නම ඇතුලත්ව ඇත. ඉවත්වීමට අකමැත්ත ප්‍රකාශකොට ඇත.
16 තුම්මෝදර එල් වීරසේන 127/2,පුවක්පිටිය පාර,තුම්මෝදර සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසමක නැවත පදිංචි වී සිටී. නැවත පදිංචි කිරීම් ක්‍රියාවලිය අවසන් කර ඇත.
17 තුම්මෝදර එච්.ජී.ආරියවතී 122/2,පුවක්පිටිය පාර, තුම්මෝදර NBRO/LRRMD/CO/LI/17/31/33472 - නැවත පදිංචි කල යුතුය. ඉවත්වීමට අකමැත්ත ප්‍රකාශකොට ඇත.
18 තුම්මෝදර සුජීව කළුපහණ 111, පුවක්පිටිය පාර,තුම්මෝදර. NBRO/LRRMD/CO/LI/2019/31/46101 - නැවත පදිංචි කල යුතුය. මේ වන විට දඹෝර වසමෙහි ඉඩමක් මිලදී ගෙන නිවසක් ඉදිකර එහි පදිංචිව සිටී.නැවත පදිංචි ක්‍රියාවලිය අවසන් කර ඇත.
19 තුම්මෝදර එස්.රාජේෂ්වරී 108,පුවක්පිටිය පාර,තුම්මෝදර. NBRO/LRRMD/CO/PD/LI/2021/00004 - නැවත පදිංචි කල යුතුය. නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරමින් පවතී.
20 තුම්මෝදර යු.සී.අමරසිංහ 107,පුවක්පිටිය පාර,තුම්මෝදර. NBRO/LRRMD/CO/PD/LI/2021/00004 - නැවත පදිංචි කල යුතුය. නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරමින් පවතී.
21 තුම්මෝදර පී.කේ.ප්‍රසන්න ප්‍රදීප් 109/1,පුවක්පිටිය පාර,තුම්මෝදර. NBRO/LRRMD/CO/PD/LI/2021/00004 - නැවත පදිංචි කල යුතුය. නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරමින් පවතී.
22 තුම්මෝදර ස්වර්ණා මල්කාන්ති 100/සී,පුවක්පිටිය පාර,තුම්මෝදර CO/PD/LI/2021/000011 -  නැවත පදිංචි කල යුතුයි. නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරමින් පවතී.

 

අනු-ප්‍රවර්ගයන්

Scroll To Top