සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍යාංශය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කල 2018 සමෘද්ධි කැකැලු ළමා සමාජ ප්‍රාදේශිය තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය 2019 අප්‍රේල් මස 04 වන දින ප.ව.2.30ට ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
තවත් කියවන්න: 2018 සමෘද්ධි කැකැලු ළමා සමාජ ප්‍රාදේශිය තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය

වග බටහිර ග්‍රාම සංවර්ධන සමිතිය මගින් සංවිධානය කරනු ලබන සිඟිති බක්මහ උළෙල 2019 බක් මස 06 වන දින පෙ.ව.9.00 සිට දවස පුරා කෙළිමඩල කණිටු විදුහල් මංසන්ධියේදී පැවැත්වීමට නියමිතය.
2019 ඵලදායිතා සංවර්ධන වැඩසටහන යටතේ කාර්යාලයේ සිදුවිය හැකි හදිසි ආපදා සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහන 2019.03.29 දින පෙ.ව.9.00ට පාදුක්ක ප්‍රාදේශිය ලේකම් ශ්‍රවණාගාරයේදී දිස්ත්‍රික් ආපදා සම්බන්ධීකරණ ඒකකය මගින් පවත්වනු ලබයි.
පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් දරුවන් පාසල් නොයැවීම හා අනිවාර්ය අධ්‍යාපන පනත පිලිබඳව වතු ආශ්‍රිත දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන 2019.03.29 දින පෙ.ව.8.00 සිට 12.00 දක්වා වේරගල කණිෂ්ඨ විද්‍යාලයේදි පැවැත්වේ.
තවත් කියවන්න: අධ්‍යාපන පනත පිළිබඳව වතු ආශ්‍රිත දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන
මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ “ ලක් රැකියා හරසර ජාතික සම්මාන ප්‍රදානෝත්සවය ″ වැඩසටහනේ දී පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන මානව සම්පත් සංවර්ධන නිලධාරි ඩබ්ලිව්.ඒ. නයනා කුමුදුනී මහත්මිය ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ස්වර්ණ සම්මානය හිමිකර ගන්නා ලදී.


















