අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

22
සැප්2026
Village Housing DevelopmentVillage Housing Development

Village Housing DevelopmentVillage Housing Development

Under the provisions of the Ministry of Village Development and the Department of the Commissioner of Housing, a development initiative is being implemented to upgrade underdeveloped housing units. The project aims to provide residents with a more comfortable standard of...

19
සැප්2026
පාදුක්ක මාවක් ඔය අවහිරතා ඉවත්කර ආපදා අවම කිරීමේ  ව්‍යාපෘතිය නිරීක්ෂණය

පාදුක්ක මාවක් ඔය අවහිරතා ඉවත්කර ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිය නිරීක්ෂණය

මාවක් ඔය වැසි ජලය පිටාර ගැලීමෙන් අවට නිවාස ජල උවදුරට මුහුණපෑම  නිසා ඇතිවන අවහිරතා ඉවත්කර ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිය මේ වනවිට වැඩ අවසන්ව ඇති බැවින් මෙම ව්‍යාපෘතිය නිමාවට පත්ව ඇත. මේ පිළිබඳව ක්ෂ්‍රේත්‍ර පරීක්ෂාවක් පාදුක්ක සහ සීතාවක සම්බන්ධීකරණ කමිටු  සභාපති...

19
සැප්2026
බිම්මල් සහ විසිතුරු මත්ස්‍ය ව්‍යාපෘති ප්‍රතිලාභී හමුව

බිම්මල් සහ විසිතුරු මත්ස්‍ය ව්‍යාපෘති ප්‍රතිලාභී හමුව

ප්‍රජා ශක්ති 2026 වැඩසටහන යටතේ බිම්මල් සහ විසිතුරු මත්ස්‍ය වගා යෝජිත ප්‍රතිලාභින්ගේ හමුවක් පාදුක්ක ප්‍රාදේශීය ලේකම් එච්.අශානි නිරංගා පියසුමන මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026/08/31 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මේ අවස්ථාවට සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) නන්දනී ගුණවර්ධන මහත්මිය ඇතුළුව වසම්හි ප්‍රජා...

04
සැප්2026
ජාතික රතු දත්ත ලැයිස්තුව  පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

ජාතික රතු දත්ත ලැයිස්තුව පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

පරිසර අමාත්‍යාංශය, ජාතික උද්භීද උද්‍යාන දෙපාර්තමේන්තුව සහ  ජාතික මුලික අධ්‍යයන ආයතනය එක්ව ජාතික සංවිධානය කරන ලද රතු දත්ත ලැයිස්තුව පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන 2026 අගෝස්තු මස‍ 21 වන දින  අවිස්සාවේල්ල ඉලුක්ඹ්විට පිහිටි සීතාවක උද්භීද උද්‍යාන ශ්‍රවණාගාරයේ පවත්වන ලදී.පරිසර...

29
අගෝ2026
සමථකරණය පිළිබඳ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහන

සමථකරණය පිළිබඳ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහන

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පාසල්වල ගුරුවරුන් සඳහා මැදිහත්වීම සහ ගැටුම් නිරාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනක් 2026/08/14 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. පාදුක්ක සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.කේ.පී. ශිරෝමි රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභී ගුරුවරියන් 80 දෙනෙකු සහභාගී...

03
අගෝ2026
ස්වයං රැකියා ලාභිනියන්හට පුහුණුව

ස්වයං රැකියා ලාභිනියන්හට පුහුණුව

 පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වනිතාවන් සඳහා ස්වයං රැකියා සහ ව්‍යවසායකත්වයන් බිහිකිරීමේ අරමුණින් බස්නාහිර පළාත් සෞඛ්‍ය,දේශීය වෛද්‍ය .සමාජ සුබසාධන,පරිවාස හා ළමා ආරක්ෂක සේවා වනිතා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත  කෙටි ආහාර නිෂ්පාදනය,ඇඟලුම් සහ බතික් පුහුණු පාඨමාලා හැදෑරූ වනිතාවන් සඳහා සහතික පත් බෙදාදීමේ...

01
අගෝ2026
ප්‍රාදේශීය යෞවන ක්‍රීඩා උළෙල

ප්‍රාදේශීය යෞවන ක්‍රීඩා උළෙල

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර් යාලය,පාදුක්ක යෞවන සමාජ ප්‍රාදේශීය බල මණ්ඩලය, ග්‍රාම නිලධාරි වසමවල යෞවන සමාජ එක්ව සංවිධානය කරන ලද පාදුක්ක ප්‍රාදේශීය යෞවන ක්‍රීඩා උළෙල  2026/07/19 වන දින බෝපේ රාජසිංහ විද්‍යාලයේදී පැවැත්විණි.  පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර් යාලය,පාදුක්ක යෞවන සමාජ ප්‍රාදේශීය බල...

23
ජූලි2026
දඹෝර ප්‍රජා ඵලදායිතා ගම්මානයට ප්‍රජා ඵලදායිතා  අත් පොත හඳුන්වා දීම

දඹෝර ප්‍රජා ඵලදායිතා ගම්මානයට ප්‍රජා ඵලදායිතා අත් පොත හඳුන්වා දීම

 ජාතික ඵලදායිතා ලේකම්පා කාර්යාලය, CLEAN SRI LANKA  ජාතික වැඩසටහනට සමගාමීව පාදුක්ක  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ක්‍රියාත්මක දැය නංවන සපිරි ගමක් ප්‍රජාඵලදායිතා ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ 458 සී දඹෝර ග්‍රාම නිලධාරී වසමේ ඉසුරුයාය ගම්මානයේ  තෝරාගත්  ගෘහ ඒකක සඳහා ප්‍රජා ඵලදායිතා අත්පොත පිළිබඳව...

17
ජූලි2026
උඩගම මාවක් ඔය අවහිරතා ඉවත් කිරීම - ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිය 

උඩගම මාවක් ඔය අවහිරතා ඉවත් කිරීම - ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිය 

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 458 උඩගම ග්‍රාම නිලධාරී වසමේ මාවක් ඔය අවහිරවීම නිසා වසර ගණනාවක සිට  පිටාර ජලය මගින් ඍජුව පීඩාවිඳි පවුල් 15 ක පිරිස් සහ පෞද්ගලික ඉඩම් සෝදා පාළුවට ලක්වීම සහ පාංශු ඛාදනයවීම, ඛාදනය වීම නිසා භූමියේ සරුසාර බව...

තොරතුරු දැන ගැනීමේ අයිතිය

තොරතුරු වලට ප්‍රවේශ විමේ පටිපාටිය

ඉහත පනත යටතේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරන අයදුම්පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවේ.

තොරතුරු නිලධාරියා

  ad sec 2025

කේ කේ පි ශිරෝමී රත්නායක මිය 

සහකාර ප්‍රාදේශීය ලේකම

දුරකථන අං:  +94 112 087 099

ෆැක්ස්  +94 112 858 471 

විද්‍යුත් තැපෑල  : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

තොරතුරු වලට ප්‍රවේශ විමේ පටිපාටිය

  1. තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI -01 අයදුම්පත්‍රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න
  2. ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ
  3. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ ‍තොරතුරු ලබාදෙනු ඇත
  4. ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝකිරිමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත
  5. තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත
  6. තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
    1. තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරිම,
    2. පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරිම,
    3. පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
    4. සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරිම,
    5. වැඩිපුර ගාස්තු අයකිරිම,
    6. ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරිම,
    7. එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම
       මත අතෘප්තියට පත්වන්නේ නම්, පහත නම් සඳහන් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක්  ඉදිරිපත් කරන්න

 

නම් කල නිලධාරියා

asani madam ag

එච් අශානි නිරංගා පියසුමන මිය 

ප්‍රාදේශීය ලේකම්

දුරකථන අං:  +94 112 087 099

ෆැක්ස්  +94 112 858 471 

විද්‍යුත් තැපෑල  : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කොමිෂන් සභාව වෙත අභියාචනා ඉදිරිපත් කිරිම

  1. නම් කළ නිලධාරියාගේ තීරණය හේතුවෙන් පීඩාවට පත්වීම මත හෝ පනතෙන් නියම කරනු ලබන කාලසීමාව තුළ එකී නිලධරයාගෙන් තීරණයක් ගැනීමට අසමත්වීම මත ඕනෑම අභියාචකයෙකුට කොමිෂන් සභාව වෙතට මෙකී රීති වල දැක්වෙන සාම්පල පෝරමයෙන් ඉල්ලා සිටින තොරතුරු ලබාදීම මගින් කොමිෂන් සභාව වෙත අභියාචනා කළ හැකිය.
  2. අභියාචනය කොමිෂන් සභා කාර්යාලයේ ගොනු කළ යුතු අතර, පුද්ගලිකව හෝ ලියාපදිංචි තැපෑල මගින් ලබාදිය හැකිය.
  3. අභියාචනයක් සාමාන්‍ය වශයෙන් සලකා බැලීම සඳහා මාස 2 ක් ඇතුළත ඉදිරිපත් කළයුතුය.
  4. එබදු අභියාචනයක්, සත්‍ය පිටපත් බවට තමන් විසින් සහතික කළ පහත දැක්වෙන ලියකියවිලි සමඟ ඉදිරිපත් කළ යුතුය.
    1. පනතේ 24 වන වගන්තිය යටතේ සිදුකළ ඉල්ලීමේ පිටපතක්
    2. තොරතුරු නිලධාරියාගෙන් යම් පිළිතුරක් ලැබුවේ නම් එම පිළිතුරේ පිටපතක්
    3. පනතේ 31 වගන්තිය යටතේ නම් කළ නිලධාරියා වෙත සිදුකළ අභියාචනයේ පිටපතක්
    4. නම් කළ නිලධාරියාගෙන් යම් පිළීතුරක් ලැබුවේ නම් එම පිළිතුරේ පිටපතක්
    5. අභියාචක විසින් සුදුසු යැයි හැ‍‍ඟෙන, ඔහුගේ හෝ ඇයගේ අභියාචනයට අදාළව ඉදිරිපත් කළ සෙසු ලියකියවිලි වල පිටපත්, ඒවායේ සුචියක් සමඟ
  5. අභියාචනයක් අභියාචක විසින් පිටපත් දෙකකින් යුතුව ගොනුකළ යුතුය.
  6. රීති (1-5) දක්වා ඇති කොන්දේසි තෘප්ත නොකරන්නේ නම් කොමිෂන් සභාව විසින් අභියාචනයක් සාමාන්‍ය වශයෙන් පිළිනොගනු ඇත.
  7. මාස දෙකේ කාලපරිච්‍ඡේදය ඉක්මවා යාමෙන් පසුව වුවද, ඔහුගේ/ ඇයගේ පාලනයෙන් බැහැරව හේතුවක් විසින් ඔහු/ ඇය අභියාචනය ඉදිරිපත් කිරිමෙන් වළක්වා ඇතිවිටදී එකී අභියාචනය පිළිගැනීමට කොමිෂන් සභාවට හැකියාව ඇත

ව්‍ෂය භාර නිලධාරියා

නිලධාරියාගේ නම : ඉමේෂා සංකල්පනි මිය

තනතුර : කළමනාකරණ සේවා නිලධාරී

දුරකථන අංකය : +94 112858198 [දිගුව  22]

ෆැක්ස්                 : +94  112 858 471

විද්‍යුත් තැපෑල  : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Scroll To Top